Latestදේශීය

ශ්‍රී ලංකාව ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාව අද

ශ්‍රී ලංකාව ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මෙරට බලධාරීන් හා ණය හිමි රටවල් අතර අද (නොවැම්බර් 03) පැවැත්වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතාගේ මූලිකත්වයෙන් මාර්ගගත ක්‍රමයට මෙම සාකච්ඡාව සිදු වෙයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකළ යුතු බවත් ඒ අනුව ණයහිමියන් සමග සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පැවසුවේ මීට පෙර පැවති සාකච්ඡා සාර්ථක මට්ටමේ පැවති බවත් ඒ අනුව නැවතත් සාකච්ඡා කිරීමට සියලු දෙනා අපේක්ෂා කළ බවත්ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මෙම සාකච්ඡාව මෙහෙයවන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන බවත්, අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මෙම සාකච්ඡාවට සියලු ණය හිමියන් සහභාගි වන බවද අමාත්‍යවරයා පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *