හිටපු පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි
නැගෙනහිර වසිරාබාද් නගරයේදී පැවති විරෝධතා පාගමනට එල්ල කළ ප්‍රහාරයකදී පාදයට වෙඩි වැදී තුවාල ලබීමෙන් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රෝහල් ගතකර තිබෙනවා.
එම ප්‍රහාරය “ඔහුව ඝාතනය කිරීමට ගත් උත්සාහයක්” ලෙසයි ඉම්රාන් ඛාන් ගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙක් AFP පුවත් ඒජන්සියට පවසා තිබුනේ. එ නමුත් එම ප්‍රහාරයේ ඉලක්කය ඔහු බව පොලිසිය තවමත් තහවුරු කර නොමැති බව වාර්තාවනවා.
ඔහුගේ PTI පක්ෂයේ සාමාජිකයින් පැවසුවේ වෙඩි තැබීමෙන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි. 70 හැවිරිදි ඛාන් අප්‍රේල් මාසයේදී බලයෙන් නෙරපා හැරීමෙන් පසු ඉක්මන් මැතිවරණයක් ඉල්ලා ඉස්ලාමාබාද් අගනුවරට පාගමනක් මෙහෙයවමින් සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

