ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාව පරදා එංගලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතරකින් පරාජයකල එංගලන්තය දැන්ක්‍රියාත්මක විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පැමිණීම්ට අද සමත්වුණා.

එම ජයග්‍රහනයත් සමග සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුනේ සිය කාන්ඩයේ තුන්වන ස්තානයට පත්වීම හේතුවෙන්.

ලකුණූ 142ක ඉලක්කයක් හඹාගිය එන්ගලන්ත කණ්ඩායම කඩුලු හයක් දැවී ජයග්‍රහනය සම්පූර්ණ කරගත්තේ පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදීයි.

ඇලෙක්ස් හේල්ස් සහ බෙන් ස්ටෝක්ස් පිලිවෙලින් ලකුණු 47ක් සහ නොදැවී ලකුණු 42 ලබාගනිමින් එංගලන්ත ජයග්‍රහනය වෙනුවෙන් දස්කම් දැක්වූවා.ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම සාර්තක පිතිකරුවා වුයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකයි. පන්දු 45කට මුහුනදී ලකුණු 67ක් රැස්කිරීමට නිස්සංක සමත්වූණා. පන්දු යැවීමේදී ළහිරු කුමාර, වනිදු හසරංග සහ ධනන්ජය ද සිල්වා කඩුලු දෙක බැගින් දවාගත්තා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *