අධික තෙරපීමෙන් මියගිය අයට සාධාරණත්වය ඉල්ලා සෝල් නුවර උද්ඝෝෂණ
පසුගියදා අධික තෙරපීමෙන් මියගිය ජනයාට සාධාරණත්වය ඉල්ලා කොරියාවේ සෝල් නුවර අද විරෝධතා ක්‍රියාත්මක වුණා.
පසුගිය 29 වනදා රාත්‍රී සෝල් නුවර ජනාකීර්ණ ප්‍රදේශයක සිදුවූ තෙරපීමකින් 156 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම තෙරපීම මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය තරම් පොලීසිය යෙදවීමට නොහැකිවීම පිලිබඳව පොලිස් ප්‍රධානියා මෙන්ම කොරියානු ජනාධිපති යෝන් සුක්-යෙඔල්ද ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති අතර ඉදිරියේදී ජනාකීර්ණ ප්‍රදේශවල මහජන පාලනය සඳහා පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් සතියකට ඉහත සිදුවූ මිය යෑම් ගැන ඇතිවූ මහජන කැලඹීම් තවම අවසන්වී නැහැ.
සෝල් නුවර ස්ථාන කිහිපයකම පවැති උද්ඝෝෂණ වල දී මියගිය ජනයාට සාධාරණත්වය ඉල්ලා සටන් පාඨ කියවුණා. “ඉල්ලා අස්වීමද මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමකි,” ය නුවෙන් සඳහන් පුවරුද දක්නට ලැබුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

