ක්‍රීඩාදේශීය

නිසංසලාට පාකිස්තානයේදී ටයිකොන්ඩෝ ලෝකඩ පදක්කමක්

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වුණු  ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන Combaxx 4th Asian Taekwondo Open  Championship (WT-G2) ටයිකොන්ඩෝ තරඟාවලියේදී   කිලෝග්රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින්   තරඟ වැදුණු ශ්‍රී ලංකා නාවික හමුදාවේ   බල කාන්තා නැවි නිසංසලා  සඳමාලි ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.

ලෝක ටයිකොන්ඩෝ ශ්‍රේණිගත කිරීම්හි  96 වන ස්ථානයේ සිටින නිසංසලා  සඳමාලි ක්‍රීඩිකාව,  මෙම ජයග්‍රහණයත් සමඟ තවදුරටත් එම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණෙනු ඇති අතර, ලෝක ටයිකොන්ඩෝ ශ්‍රේණිගත කිරීම් අනුව  ශ්‍රී ලාංකික  ක්‍රීඩිකාවක් ලබා ගත් ඉහළම ශ්‍රේණිගත කිරීම ද  මෙය වේ. පසුගිය 2022 සැප්තැම්බර් මාසයේදී  නේපාලයේ පුකාරා නුවර පැවති මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලියෙදී ද  නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව කිලෝග්‍රෑම් 62/67 බර පංතිය යටතේ  තරඟ කර, රිදී පදක්කමක් දිනා දීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *