මස්ක්ගේ ආගමනයත් සමග Twitter හි වෛරී ප්‍රකාශ අධීක්ෂණ ගිලිහෙන ලකුණු
සමාගම දිනකට ඩොලර් මිලියන හතරකට වඩා පාඩු ලබන බැවින් සමාගමේ ශ්‍රම බලකාය කප්පාදු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව Twitter හි නව හිමිකරු එලෝන් මස්ක් පවසනවා.
මස්ක් විසින් ඩොලර් බිලියන 44ක මිලකට ට්විටර් ආයතනය මිලදී ගෙන සතියකට පසුව,එම සමාගමේ කාර්ය මණ්ඩලයෙන් අඩකට පමණ සිය රැකියා අහිමි වෙමින් පවතිනවා.
මස්ක් විසින් සමාගමේ ප්‍රතිපත්ති “සම්පූර්ණයෙන්ම නොවෙනස්ව” පවතින බව ප්‍රකාශ කලද ට්විටර්හී පලවන ප්‍රකාශයන්ගේ නිරවද්‍යතාව සහ වෛරී ප්‍රකාශ අධීක්ෂණයකිර්‍රිම් මෙම සේවක කප්පාදුවත් සමග ලිහිල්වනු ඇතිබවයි ඔන්ලයින් ආරක්ෂණ කණ්ඩායම් පවසන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

