ආශාවරී තහනම්ද?
පසුගිය කාලසිමාව තුල සමාජ මාධ්‍ය තුල දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත්,ලාංකීය සංගීත කලාවේ බාළිකාවන්ගෙන් පමණක් සමන්විත ලාබාලතම සංගීත කණ්ඩායමක් වන පොලොන්නරුව,මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායමට සීමාපැනවීමක් හෝ තහනමක් පිලිබද දැඩි සමාජ කතාබහට ලක්වුනා.
පසුගියදා මාධ්‍ය හමුවකදි ළමා සහ කාන්තා කටයුතු පිලිබද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළේ මෙය දක්ෂ දරුවන්ට කලා හැකියාවන් ඉදිරියට ගෙනයාමට ඇති අවස්ථාවන් නැති කිරීමක් බවයි.
එසේම මෙරටේ දරුවන්ට කලාව ජයග්‍රහණය කිරිමට ඉඩ දිය යුතු බවත් ඇය වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා පොලීසිය ආශාවරී සංගීත කණ්ඩායම තහනම් කිරීම පිලිබද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය මගින් දන්වා තිබෙන්නේ ළමයින්ගේ ප්‍රාසාංගික කටයුතු මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධවද ඒවායේ ගැළපීම් සහ නොගැළපීම්වල සීමාවන් ද පිලිබදවද තීරණය කරනු ලබන්නේ ළමා කටයුතු පිලිබද විෂය පැවැරුණු වෙනත් ආයතනයන් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

