ක්‍රීඩාදේශීය

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවක් විසින් නිව්සවුත්වේල්ස් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිඩ්නි නුවර සසෙක්ස් වීදියේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලක මේ වන විට  සිඩ්නි සිටි පොලීසියේ රඳවා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ හේතුව නිසාවෙන් ධනුෂ්ක නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ කොළඹ බලා පිටත්වී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *