Latestදේශීය

ආදිවාසී ජනතාව පාර්ලිමේන්තු නියෝජනයක් ඉල්ල‍යි

ආදිවාසී  ජනතාව නියෝජනය කරමින් ආදිවාසි අයෙකුට  ජාතික  ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තු නියෝජනයක්  ලබාදෙන ලෙස ආදිවාසි නායක වන්නිල  වන්නිල ඇත්තෝ ඉල්ලා තිබෙනවා.
තමන් කාලයක්  තිස්සේ තමන්  සිය ප්‍රජාව වෙනුවෙන් වෙන්වූ අමාත්‍යවරයෙකු හෝ වෙනම අමාත්‍යාංශයක්   ඉල්ලාසිටින බවත් දැනට තම ප්‍රජාවේ කටයුතු  සොයාබලන්නේ සංස්කෘතික  අමාත්‍යාංශය යටතේ වන  අතර තවත් බොහෝ කටයුතු  එම අමාත්‍යාංශයට පැවරී ඇති නිසා   ඔවුන්ගේ කටයුතු මගහැරෙන  බවයි  නායක වන්නිල ඇත්තෝ පවසාසිටියේ.
ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ ද ආදිවාසී නියෝජනයක් තිබෙන බවත් නේපාලයේ ආදිවාසී පරම්පාරවේ ඇත්තෝද එහි ඉහළ නිලතල උසුලන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදෙනවා.

දඹානේදී මාධ්‍ය අමතමින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තේ  මෙම අදහස් ඉදිරිපත්කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *