Latestවිදේශීය

පෘතුවියේ දේශගුණ වෙනස්වීම් සීඝ්‍ර වී අතිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

ගෙවුනු වසර අට මෙතෙක් පෘතුවියේ වාර්තාවූ උණුසුම්ම කාලය බවත් අප ග්‍රහලෝකය මේ වනවිට ‘ආපදා සංඥාවක්’ නිකුත් කරමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටාරෙස් පවසනවා.
ඔහු මෙසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ දේශගුණික ආයතනය සිය වාර්ෂික ගෝලීය දේශගුණ වාර්තාව නිකුත් කරන අවස්තාවේදීයි.
තාප තරංග වේගවත් වීම, ග්ලැසියර දියවීම සහ ධාරානිපාත වර්ෂාව ස්වභාවික ව්‍යසනයන් ඉහළ යාමට හේතු වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ COP27 දේශගුණ සමුළුව ඊජිප්තුවේ අදදින ආරම්භ වූ අවස්ථාවේදීයි.
දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් නිර්දේශ කරන ලද පරිදි උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක 1.5 මට්ටමේ තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඊජිප්තුවේ රැස් වූ රටවල් 200 කට ආසන්න නියෝජිතයන් මෙම සමුළුවේදී සාකච්ඡා කරනු ඇති. සමහර විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම ඉලක්කය මේවනවිට අත් කරගත නොහැකි මට්ටමකට ළඟාවි තිබෙනවා.

19 වැනි සියවසේ අගභාගයේ සිට පෘථිවිය සෙල්සියස් අංශක 1.1 ට වඩා උණුසුම් වී ඇති අතර එම වැඩිවීමෙන් අඩක් පමණ පසුගිය වසර 30 තුළ සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *