රට තුළ ඉන්ධන හිඟයක් නැහැ:ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
මේ වනවිට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් දින 15ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන රට තුළ පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඉදිරි දින කිහිපය තුළ ආනයනය කර ඇති තොග රැගත් ඉන්ධන නෞකා ද දිවයිනට ළඟාවීමට නියමිත බව එහි නිලධාරියෙකු සඳහන් කළා.
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැතිවීමට හේතුවී ඇත්තේ ඔවුන් සිය ඇණවුම් නිසිපරිදි ඉල්ලුම් නොකිරීම බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
මේඅතර ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකල පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් ලෙස දින 3ක කාලසීමාවක් ඉන්ධන ලබානොදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වැසීගොස් ඇති අතර මේ නිසාවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද එම සංගමය වැඩිදුරටත් කියාසිටියා
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

