ඔරු පැදීමේ තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහණ හිමි කරගනියි
ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ’37වන ජාතික ඔරු පැදීමේ තරඟාවලිය 2022 නොවැම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ බත්තරමුල්ල, දියවන්නා වැවෙහි ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්වුනු අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් හා රිදී පදක්කම් හිමි කර ගැනීමට සමත් වුණා.
දෙදිනක් පුරා පැවති මෙම තරඟාවලිය සඳහා දිවයිනේ ඔරු පැදිමේ ක්‍රීඩා සමාජ 12 ක් නියෝජනය කරමින් ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි අතර, ඒ සඳහා නාවික හමුදා ඔරු පැදීමේ සංචිතය නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 08 ක් සහ කාන්තා කණ්ඩායම් 06 ක් සහභාගී වුණා.
ඒ අනුව, මෙම තරඟාවලියේ ‘Open men’s pairs’ තරඟයෙන් බලනැවි නලීන් මදුෂංක සහ බල නාවික පාබල නාමල් ප්‍රේමකුමාර රන් පදක්කම් දිනා ගැනීමට සමත් වු අතර, ‘Open men’s fours’ තරඟයෙන් බලනැවි ගයාන් සතරසිංහ, බලනැවි නලීන් මදුෂංක, බල නාවික පාබල නාමල් ප්‍රේමකුමාර සහ බලනැවි සංකල්ප සමරකෝන් රීදී පදක්කම් දිනා ගත්තා. මෙම තරඟාවලියේ ‘Open women’s pairs’ තරඟයෙන් නායක කාන්තා නැවි උදේශිනි සුමනතිස්ස සහ නායක කාන්තා නැවි උදේශිකා සුභාෂිණි රන් පදක්කම් දිනා ගැනීමට සමත් වු අතර, ‘Open women’s fours’ තරඟයෙන් නායක කාන්තා නැවි උදේශිනි සුමනතිස්ස, නායක කාන්තා නැවි නිරෝෂා සඳමාලි, නායක කාන්තා නැවි උදේශිකා සුභාෂිණි සහ සාමාන්‍ය කාන්තා නැවි මධුෂානි ජයසිංහ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

