ඉම්රාන් ඛාන්ට තුවාල සිදු කළ වෙඩි ප්‍රහාරය ගැන වහාම පොලිස් පරීක්ෂණයක්
පකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ට තුවාල සිදු කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා විරෝධතා පාගමනකට තම ආධාරකරුවන් මෙහෙයවමින් සිටියදී හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාදයකට වෙඩි වැදී තිබුණා.
ඔහුගේ රථ පෙළට එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙක් මිය ගිය අතර 10 දෙනෙක් තුවාල ලැබූවා.
වත්මන් අගමැති, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ හමුදා ජෙනරාල්වරයෙකු තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ඛාන් චෝදනා කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

