මනුෂ්‍ය වර්ගයා තීරණාත්මක සන්ධිස්තානයකට පැමිණ ඇතිබව ගුටරෙස් පවසනවා
මනුෂ්‍ය වර්ගයා සහයෝගයෙන් කටයුතු කරනවාද නැතහොත් විනාශයට පත්වනවාද යන තෝරාගැනීම සිදුකිරීමට කාලය පැමිණ ඇතිබව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා. ගුටරෙස් ඊජිප්තුවේ COP27 දේශගුණ සමුළුවේදී රැස්ව සිටි ලෝක නායකයින්ට අනතුරු අඟවා ඇත්තේ ගෝලීය උණුසුමට එරෙහි සටනේදී මානව වර්ගයා එකට වැඩ කිරීම හෝ සාමූහික සියදිවි නසාගැනීම යන දෙකෙන් එකක් තෝරා ගන්නා තියුණු අවස්ථාවට මුහුණ දෙමින් සිටින බවයි.ඔහු පැවසුවේ පරිසර උෂ්ණත්වයට තුඩුදෙන වායූන් විමෝචනයට වැඩිවශයෙන් දායකවන පොහොසත් රටවල්, එයට අවම වශයෙන් වගකිව යුතු දුප්පත් රටවල ආධාරයට පැමිණෙන ලෙසයි.
නයිජීරියාවේ සහ පකිස්ථානයේ විනාශකාරී ජල ගැලීම් වල සිට කෙන්යාවේ, සෝමාලියාවේ සහ එක්සත් ජනපදයේ නියඟය සහ මහාද්වීප තුනක් පුරා පෙර නොවූ විරූ ලෙස ඇතිවූ අධික උශ්ණත්වය හේතුවෙන් මේ වසරේ පමණක් ජීවිත දහස් ගණනක් අහිමිවූ අතර ස්වාභාවික විපත් හේතුවෙන් ඩොලර් බිලියන ගණනක් වැය කිරීමටද සිදුවුණා.Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

