කන්දකාඩු පුනරුත්ථාපනමධ්යස්ථානයේ නොසන්සුන්කාරී තත්වයක්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ(6) රාත්‍රී දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබුණා.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳිවියන් පිරිස කණ්ඩායම් දෙකකට බෙදී ඇති වූ මෙම ගැටුම හේතුවෙන් රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර තත්වය පාලනය කරගැනීම සඳහා පොලීසියේ සහ හමුදාවේ සහාය ලබාගත් බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා. තවද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ මෙම අවස්ථාවේදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් ඉන් පළාගොස් තිබෙන අතර එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

