ධනුෂ්ක ගුණතිලකට ඇප අහිමිවෙයි
අවස්තා හතරකදී බලහත්කාරයෙන් ලිංගිකව එක්වීමේ චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටි මුල්පෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලකහට සිඩ්නි අධිකරණය විසින් අදදින ඇප ප්රතික්ෂේප කරනු ලැබුවා.
සිඩ්නි හි ශ්රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී නොවැම්බර් 6 වන දින අලුයම ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. කණ්ඩායමේ සෙසු ක්රීඩකයින් ශ්රී ලංකාවට පැමිණුනත් ඔහු තව දුරටත් අත් අඩංගුවේ පසුවනවා. කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම මත ඇප ප්රතික්ෂේපවීමත් සමග නිවේදනයක් නිකුත් කල ශ්රී ලංකා ක්රිකට් ආයතනය වහාම ක්රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකහට සියලු ආකාරයේ ක්රිකට් ක්රීඩාවන්හී නිරතවීම තහනම් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

