ලෝක ශූරයා පරදා 19 හැවිරිදි රූනේ ටෙනිස් ශූරතාව දිනයි
ඩෙන්මාර්කයේ නව යොවුන් ක්‍රීඩක හොල්ගර් රූනේ පැරිස් මාස්ටර්ස් අවසන් මහා තරගයේදී වත්මන් ශූර නොවැක් ජොකොවික් මවිතයට පත් කරමින් සිය පළමු ATP මාස්ටර් ශූරතාවට හිමිකම් කීමට අද සමත්වුණා.
19 හැවිරිදි රූනේ සිය පලමු වටය 3-6 ක් ලෙස පරාජයට පත්වුනත් ඉතිරි වට දෙක 6-3 7-5 ජයග්රහණයකරමින් ප්‍රභල ක්‍රීඩක ජොකොවික් පරාජය කිරීමට සමත් වනවා.
1986 බොරිස් බෙකර්ගෙන් පසු පැරිස් තරඟාවලියේ ලාබාලතම ජයග්‍රාහකයා බවටද ඔහු පත වුණා.
මෙම ජයග්‍රහණයත් සමග නව ලෝක ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරන විට රූනේ හට පළමු වරට ලෝකයේ පළමු 10 දෙනා අතරට පැමිණීමට හැකිවෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

