Latestදේශීය

අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට අසාධ්‍යයි

නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් පහළොස්දෙනාගෙන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් මන්නාරම මහ රෝහලට ඇතුලත් කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහන් කර තිබෙනවා.

මෙම ධිවරයින් පහළොස්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ තලෙයිමන්නාරම උතුරු මුහුදු තීරයේදීයි.

අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ මේ පිරිස අතර වයස අවුරුදු පහළොවක කුඩා පිරිමි ළමයෙකුද සිටි බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු විසිනවයක සහ තිස්දෙකක් ධීවරයින් දෙදෙනෙකු ඒ අතරින් අසාධ්‍ය තත්වයේ සිටි බැවින් ඔවුන් තලෙයිමන්නාරම රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා මන්නාරම මහ රෝහලට ඇතුලත් කර ඇති බව සදහන්.

මෙම පිරිස ඉදිරියේදි මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *