අලි මිනිස් ගැටුම ස්ථීරවම විසදනවා – මහින්ද අමරවීර
අලි මිනිස් ගැටුමට ඉදිරි වසර එකහමාර තුළ ස්ථිර සාර විසඳුමක් ලබා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ පරිසර අමාත්‍යවරයා පැවසුවේ , අලි මිනිස් ගැටුම අවසන් කිරීම සඳහා දෙස් විදෙස් විශේෂඥයින්ගෙන් යෝජනා ලබා ගනිමින් සිටින බවයි. ඉදිරි මාස දෙක තුළදී එම යෝජනා ලබා ගෙන නිම කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය. අලි මිනස් ගැටුම මේ දිනවල බහුලව වාර්තා වේ. අලින්ට තිබූ භූමි ප්‍රමාණය අවම වීම නිසා මෙම තත්වය උග්‍ර වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “අලි සහ මිනිස් මරණ සිදුවීම ඉතා කණගාටු තත්වයක්. වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ විශාල හිගයක් සහ අලි වෙඩි වැනි ද්‍රව්‍යවල හිගයක් තිබූණා. එහෙත් මෙම ගැටළු ක්‍රමානුකූලව විසඳෙමින් තිබෙනවා. පසුගිය දිනවල ඉන්ධන ගැටළුවක් තිබුණා. එම ගැටළුවටද විසඳුම් ලබා දී තිබෙනවා. “
පසුගියදා යාල වනෝද්‍යානයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දුන් බවත් එම පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

