Latestක්‍රීඩාදේශීය

ධනුෂ්කගැන පර්‍රික්ෂණ පැවැත්වීමට ත්‍රී පුද්ගල කමිටුවක්

ඕස්ට්‍රේලියාවේදී අත් අඩංගුවට පත්වූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ යැයි සැලකෙන සිදුවීම් සම්බන්ධයෙන් පර්‍රික්ෂණයක් පැවැත්වීම සඳහා  විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක,නීතීඥ නිරෝෂණ පෙරේරා සහ නීතීඥ අසේල රැකව යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලයක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙහිදී ජාතික කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය තුළ සිදුවූ බව කියන විවිධ සිදුවීම් පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු කෙරෙනු ඇති. මෙහිදී අදාල ක්‍රීඩකයාගේ හැසිරීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමණාකරුගෙන් වහාම පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමටද නියමිතයි. එම මණ්ඩලය විසින් එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම ආයතනය සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *