Latestවිදේශීය

රුසියාව සමඟ සාකච්ඡා රඳාපවතින්නේ යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව මතයි

යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාව සමඟ සාකච්ඡා කිරීමට නම් අල්ලා ගත් මුලු යුක්රේන භූමි ප්‍රමාණයම ආපසු ලබාදීම තම රටෙහි ප්‍රධාන පූර්ව කොන්දේසියක් බව යුක්රේනයේ ඉහළ පෙලේ ආරක්ෂක නිලධාරියෙකු පවසනවා.
රුසියානු ජනපති පුටින් සමග යුක්රේනයට කිසිදු සාකච්ඡාවක් නැතැයිද යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම රඳා පවතින්නේ එරට භෞමික අඛණ්ඩතාව මතබව එම නිලධාරියා සඳහන් කරනවා.
යුක්රේනයේ ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ඔලෙක්සි ඩැනිලොව් අඟහරුවාදා පැවසුවේ යුක්‍රේනයට නවීන ගුවන් ආරක්‍ෂක පද්ධති,ගුවන් යානා,යුධ ටැංකි සහ දිගු දුර මිසයිල ලබාදෙන බවට සහතිකයක්ද අවශ්‍යබවයි. 

පෙබරවාරි අගදී සිදුවූ රුසියානු ආක්‍රමණයෙන් පසු යුක්රේනය සිය බටහිර ආධාරකරුවන්ගෙන් නිරන්තරයෙන් අමතර ආයුධ ඉල්ලමින් සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *