Latestදේශීය

2022 මුල් මාස 4 තුළ රුපියල් කෝටි 150,000කට වෙච්ච දෙයක් නෑ

මෙම වසරේ මුල් මාස හතර තුළ රජයේ ආදායම් සහ මුලු ණය ගැනීමට අදාළ වටිනාකම රුපියල් කෝටි 630,000ක් පමණ වුවත් අදාළ කාලය තුළ රජයේ ණය වාරික සහ පොලී ගෙවීම් මෙන්ම රුපියල කඩා වැටීමේ මූල්‍ය ගැලපීම් සිදුකළ පසුව රුපියල් කෝටි 150,000කට සිදු වූ දෙයක් නැති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පේරාදේණිය විශ්ව විද්‍යාලයේ සහ රුහුණු විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාල දෙක ඒකාබද්ධව සිදු කළ කරුණු විශ්ලේෂණයකදී මෙම තොරතුරු අනාවරණය වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මාධ්‍යය හමුවකදී ප්‍රකාශ කර ඇත. එම මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා වැඩි දුරටත් හෙළි කළ කරුණු පහත දැක්වේ.
“මේ වසරේ මුල් මාස 4 තුළ රජයේ ආදායම් සහ ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,300 වඅඩා වැඩියි. එම කාලය තුළ රජයේ වියදම බිලියන 1,150කට ආසන්නයි. වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් මෙන්ම පොලී ගෙවීමත් අන්තර්ගත වෙනවා. එයට අමතරව ණය වාරික ප්‍රමාණයකුත් මේ කාලයේ ආපසු ගෙව්වා. ඒ සියලු වියදම්වල එකතුව උපරිම වශයෙන් බිලියන 3,000ක් පමණ වෙනවා. මේ කාලයට අදාළව විදේශ විනිමය අනුපාතවල ගැලපීමත් සිදු කළ විට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ එකතු වෙනවා. මේ සියල්ල ගැලපූ විට දල වශයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ ඉතිරියක් තිබෙන්න ඕනෑ. නමුත් මෙම මුදලට සිදු වුණු දෙයක් සොයා ගන්න නෑ. මේ කාල පරිච්ඡේදය තුළ සංචිත ප්‍රමාණයේ අඩුවකුත් සිදුවී තිබෙනවා.”

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *