Latestක්‍රීඩාවිදේශීය

ලෝක කුසලාන සත්කාරකත්වය කටාර් රාජ්‍යයට ලබාදීම වැරදීමක් – සෙප් බ්ලැටර්

තව දින 12 කින් ඇරඹෙන ලෝක පාපන්දු ශූරතාවලියෙහි සත්කාරකත්වය කටාර් රාජ්‍යයට ලබාදීම ලෝක පාපන්දු සම්මේලනයට සිදුවූ වැරදීමක් බව හිටපු ලෝක පාපන්දු සභාපති සෙප් බ්ලැටර් පවසනවා.

මානව හිමිකම්, සංක්‍රමණික සේවකයන්ට සැලකීම සහ සමරිසි සම්බන්දතා සම්බන්ධයෙන් එරට දරන ස්ථාවරයන් දැඩිලෙස විවේචනයට ලක්වෙමින් තිබෙනවා.

ස්විස්ටර් ලන්ත පුවත්පතකට අදහස් දක්වමින් බ්ලැටර් පවසුවේ කටාර් වැනි රටකට ලෝක පාපන්දු ශූරතාවලිය විශාල වැඩිබවයි. ලෝක පාපන්දු ශූරතාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීමට අවසර ලබාදෙන අවස්ථාවේ (2010) ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතීත්වය දරනු ලැබු සෙප් බ්ලැටර් එම ධුරයේ 17 වසරක් ගත කළ නමුත් 2015 දී ඉල්ලා අස්වීමට බල කෙරුනේ ඔහු ස්විස් ප්‍රෑන්ක් මිලියන දෙකක් නීති විරෝධී ලෙස යුරෝපීය පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මයිකල් ප්ලැටිනි වෙත පැවරීමට කටයුතු කළ බවට එල්ලවූ චෝදනා මතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *