කිරාන්ට ඕස්ට්‍රේලියානු විවෘත කනිෂ්ඨ ටෙනිස් ශූරතාව සඳහා සුදුසුකම් ලැබීමේ අවස්තාවක්
2023 ඕස්ට්‍රේලියානු විවෘත කනිෂ්ඨ ටෙනිස් ශූරතාවයේ අසියානු සුදුස්සන් තේරීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට කිරාන් වයිරවනාදන් හට ඇරයුම් ලැබී තිබෙනවා.
අන්තර් ජාතික 18 පහල ටෙනිස් ශ්‍රේණිගතකිරීම් වල ඉහලින්ම සිටින ශ්‍රී ලාංකීක බාලක ක්‍රීඩකයා වන කිරාන්, එලඹෙන 13 වනදා සිට 16 වනදා දක්වා ජපානයේ පැවැත්වෙන මෙම කලාපීය තරගාවලියට සහභාගිවනු ඇති. ආසියා/ඔශානියා කලාපීය තරගාවලිය සඳහා කාන්තා අංශයෙන් 16 දෙනකු සහ පිරිමි අංශයෙන් 16 දෙනකු ඇරයුම් ලැබ තිබුනත් ඕස්ට්‍රේලියානු විවෘත කනිෂ්ඨ ටෙනිස් ශූරතාවය සඳහා සුදුසුකම් ලබන්නේ මේ දෙඅංශයේම ශූරයන් පමණයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

