Latestක්‍රීඩාදේශීය

19 පහල ශ්‍රී ලංකා බලිකා ක්‍රිකට් කණ්ඩායමට වැඩිම පිරිස දේවපතිරාජයෙන් සහ රත්නාවලීයෙන්

සිව්කොන් විස්සයි 20 තරගාවලියක් සඳහා අද රාත්‍රී ඉන්දියාව බලා පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා 19 පහල කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා වැඩිම ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් තෝරාගෙන ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා සහ රත්ගම දේවපතිරාජ යන විදුහල් වලින්.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට, 19 පහල අන්තර් පාසල් බාලිකා  ක්‍රිකට් තරගාවලි වලදී ඉහල දස්කම් දක්වන මෙම පාසල් ද්විත්වයෙන් ක්‍රීඩිකාවන් හතර දෙනා බැගින් තෝරාගෙන තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය දරන විශ්මි ගුණරත්නගේ පාසල වන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් තෝරාගෙන ඇති අනිකුත් ක්‍රීඩිකාවන් වන්නේ,  උමායා රත්නායක, දෙව්මි විහඟා (උප නායිකා) සහ විදුෂිකා පෙරේරායි.

රත්ගම දේවපතිරාජ ජාතික පාසලින් තෝරාගෙන ඇති ක්‍රීඩිකාවන් වන්නේ සංජනා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, සුමුදු නිසංසලා සහ විහාර සෙව්වන්දියි. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පාසල් වන්නේ: රශ්මිකා සෙව්වන්දි (අනුර විද්‍යාලය, මාතර), මනුදි නානායක්කාර (වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව), පාමෝදා ශයිනි (අනුර විද්‍යාලය, මාතර), දුලංගා දිසානායක (අනුලා විද්‍යාලය, නුගේගොඩ), රිෂ්මි සංජනා (අනුර විද්‍යාලය, මාතර), නෙත්මි සේනාරත්න (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය) සහ හරිනි පෙරේරායි (වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව).


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *