තර් ස්ටන්, ජොසප් වාස් 19 පහල ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට
අන්තර් පාසල් 19 පහල සීමිත පන්දුවාර ප්රමුඛ පෙල තරගාවලියේ ‘B’ කොටසේ අවසන් පූරව වටයට පිවිසීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ වෙන්නප්පුව ජොසප් වාස් විද්‍යාලය අද සමත්වුණා.
මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යලය කඩුලු හතකින් පරාජය කල ජොසප් වාස් විද්‍යාලය වෙනුවෙන් වඩාත් කැපීපෙනෙන දස්කම් දැක්වූවේ විශ්ව රාජපක්ෂයි. ඒ පන්දු යැවීමෙන් කඩුලු 4ක් සහ පිතිකරනයෙන් ලකුණු 31ක් නොදැවී රැස්කරමින්. පලමුව පන්දුවට පහරදුන් මාරිස් ස්ටෙලා විද්‍යලය ලකුණු 72කට සීමා කිරීමට රාජපක්ෂ සමත්වන අතර ඔවුන් ජයග්‍රාහී ඉලක්කයට ලඟාවන්නේ කඩුලු හතක් ඉතිරිව තිබියදී.
ඉසිපතන විද්‍යාලය කඩුලු හයකින් පරාජය කිරීමට තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විහස් තෙව්මික සහ දුවිදු නිශාන් පන්දුවෙන් දස්කම් දක්වන අතර ඔවුන් ජයග්‍රහනය සඳහා වූ ලකුනු 76ක ඉලක්කය සපුරා ගන්නේ පන්දුවාර 19 කින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

