ජනපති යලි දිවයිනට
ඊජිප්තුවේ පැවති COPE 27 ලෝක දේශගුණ සමුළුවට සහභාගි වූ ජනාධිපතිවරයා ඇතුළු පිරිස උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ E K – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.
සමුළුව අතරතුර ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය ඇතුළු පිරිසක් සමග ද සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙම සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ නොවැම්බර් මස 6 වෙනිදායි.
Please follow and like us: