රන් සොයා මුලතිව් පොළොව හාරයි
මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක යුදසමයේදී කොටි ත්‍රස්තයින් වලදැමූ බවට සැකකෙරුනු ස්ථානයක රත්ත්‍රන් සහ ආයුධ සොයා කැනීම් ඊයේ (09) සවස සිට ආරම්භ කෙරුනද මෙතෙක් කිසිවක් හමුනොවූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලිස් ස්තානයට කොටි ත්‍රස්තයින් විසින් යුදසමයේදී රත්තරන් සහ ආයුධ තොගයක් වලදමා ඇති බවට ලැබුනු තොරතුරකට අනුව දේවිපුරම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක අදාල කැනීම සිදුකරන ලදි.
මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වණරාජා මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී පස්කපන යන්ත්‍රයක් යොදා කැනීම් සිදුකලද කිසිවක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් තුමන් නියෝග කොට සිටියේය.
පවිතන වර්ෂාපතනය හේතුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ අතර නැවත කැනීම් සිදුකෙරෙන දිනයක් මුලතිව් අධිකරණය මගින් දැනුම් දෙනු බවටත් යුදසමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් රත්‍රන් වලදැමූ බවට සැකකෙරෙන ස්ථන රැසක් උතුරු ප්‍රදේශයේ කැනීම් සිදුකලද මේවන තුරුත් අදාල කැනීම් වලදී කිසිවක් හමු නොවී ඇති බවටද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

