වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. තවද කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙතද මුදලිගේ මහතා ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
වසන්ත මුදලිගේ මහතා ගොනුකළ පෙසත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. පෙත්සම විභාගය ජනවාරි මස 31 වනදා ආරම්භ වනවා. විජිත් මලල්ගොඩ සහ එස් තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාගයට ගැනුනා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

