Latestදේශීය

වෘත්තීය පුහුණුව පාසලෙන්ම – සුසිල් ප්‍රේම්ජයන්ත්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සඳහා වෘත්තීය පුහුණුව පාසලෙන් ම ලබා ගැනීමට නව වැඩපිළිවෙළක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

දිවයින පුරා පාසල් 526ක් මෙම 13+ වෘත්තීය පුහුණු වැඩසටහන සඳහා නම් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් 19ක් මේ සඳහා තෝරාගෙන තිබෙන බව ද අමාත්‍යවරයා කීය.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵල නොමැති මූලික දැනුමින් සවිමත් දරුවන්ට මෙම පාඨමාලා සඳහා යොමුවිය හැකිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *