කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇතිවූ ගින්න මුළුමනින්ම පාලනය කෙරේ
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝහලේ පිළිකා ඒකකයේ දෙවන මහලේ ස්ථාපිත ස්කෑන් කාමරයක් තුළ ඊයේ (10) පස්වරුවේ මෙම ගින්නක් හටගෙන තිබුණු අතර මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා.
රෝහලේ පිළිකා ඒකකයේ දෙවන මහලේ ස්ථාපිත ස්කෑන් කාමරයක් තුළ ඊයේ(10) පස්වරුවේ හටගත්මෙම ගින්න වායු සමීකරණයක ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ
එම අවස්ථාවේදී අදාල ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 100 දෙනෙකු පමණ පිරිසක් ඒකකයේ පහළ මාලය වෙත ආරක්ෂිතව රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් ස්කෑන් පරීක්ෂාවන් සඳහා භාවිත කරන උපකරණ ඇතුළු දේපළ රැසකට හානි සිදුව ඇති අතර මේ වනවිට රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ. මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය වහා ක්‍රියාත්මකව කටයුතු කරඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

