Latestදේශීයවිදේශීය

රජීව් ගාන්ධි මහතා ඝාතනයේ විත්තිකරුවන් නිදහස්කරයි

1991 වසරේ මැයි මස 21 වනදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව දිවි අහිමිවූ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ  ඝාතන සිද්ධියට  ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටි පුද්ගලයන් 06 දෙනෙකු නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා..

සිද්ධියට අදාළව විත්තිකරුවන් 7 දෙනෙකුට චෝදනා එල්ල වූ අතර ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී තිබුණා. එයින් එක් විත්තිකරුවෙකු වන පෙරාරිවාලන් නමැත්තා පසුගිය මැයි මාසයේදී නිදහස් කර තිබුණා.

අනෙකුත් විත්තිකරුවන් මෙලෙස නිදහස ලබා ඇති  අතර එම විත්තිකරුවන් වන්නේ නලිනි ශ්‍රීහරන්, රවිචන්ද්‍රන්, මුරුගන්, රොබට්, ජයකුමාර් සහ සාන්තන් යන අය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *