Latestදේශීය

ඕමානයේ මහපරිමාන ලිංගික අපහරණයට ලක්වන අපේ කාන්තාවන්

ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන කාන්තාවන් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕමානය වෙත ගොස් මෙම පරීක්ෂණ සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.
මෙම තරුණියන් සහ කාන්තාවන් බොහෝ දෙනෙකු රැගෙන ගොස් ඇත්තේ සංචාරක වීසා භාවිත කරමින් වන අතර අනතුරුව එරට රැකියා නියෝජිත ආයතනයේදී කාන්තාවන්ගේ වයස හා පෙනුම අනුව ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙලෙස ඕමානයේදී ලිංගික අතවරයන්ට ලක්වූ කාන්තාවක් සමාජ මාධ්‍යයට මුදාහරින ලද හඩපටය මගින් කියවුනේ ඔවුන් ලිංගික අපහරනයන්ට ගොදුරු වූ බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට මේ පිළිබඳව දැනුම් දීමට සිය දෙමව්පියන් අදාළ ආයතන වෙත ගියත් ඉන් සාධාරණත්වයක් ඉටු නොවු බවත් එහි සදහන්.
මෙම ගැටලුව පිළිබඳ ඕමානයේ තානාපති කාර්යාලයට දැන්වූවත් සංචාරක වීසා මත පැමිණී අය භාර නොගන්නා බවයි එම කාර්යාලය පවසා තිබෙන්නේ.
මෙරට නියෝජිත ආයතන මගින්ම ගමන් බලපත්‍ර සකස් කර සංචාරක වීසා මත කාන්තාවන් විදෙස් ගතකොට ඇති අතර ශ්‍රී ලංකාව තුළත් ඕමාන් රාජ්‍යය තුළත් තැරැව්කරුවන් මගීන් සිදු කෙරෙන මෙම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වන බවයි නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පවසන්නේ.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යඅධිකාරී ගාමිණී සෙනරත් මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ වාර්ථාව ලැබුණු පසු සිය කාර්යාංශයේ පූර්ණ මැදිහත්වීමක් සිදුකොට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුව සිදුකර පරීක්ෂණ සදහා සිය දායකත්වය ලබා දුන් බව තානාපති කාර්යාලය පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *