උසස් නිළධාරීන්ගේ ප්‍රචන්ඩත්වය තුළින් පානදුරේදී පොලිස් නිළධාරිනියන්ට ප්‍රසිද්ධියේ බරපතල හිංසන
ආන්ඩුවේ මර්දනයට සහ අනීතිත අත්අඩංගුවට ගැනීමට එරෙහිව කාන්තාවන් දෙදෙනෙකු අද දින කළුතර සිට කොළඹ බලා පාගමනින් ගමන් කරනු ලැබුවේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ආන්ඩුවට බල කරමින්.
මෙම ගමන වලකාලමින් පානදුර පොලීසිය විසින් මැදිහත්ව එම පාගමන නවතාලන්නට ක්‍රියා කළ අතර අනතුරුව එම කාන්තාවන් දෙදෙනා සහ අසල සිටි තවත් කාන්තාවක් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සිදුවීම අතරතුර දී උසස් පොලිස් නිළධාරියකු විසින් කාන්තා පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකුට හිංසා වන අයුරින් එම කාන්තා නිළධාරිණියන්ගේ ගෙල පෙදෙසින් අල්ලා ඔවුන්ව ජීප් රථය දෙසට තල්ලු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරනය වනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ මෙවැනි හිංසනයන් එල්ල වනවා නම් පොලිස් ස්ථානයන්හී දී එම පහළ කාන්තා නිළධාරීන්ගේ අයිතිවාසිකම් කුමන අයුරින් උල්ලංඝනය වනවා දැයි සිතාගැනීමට හෝ නොහැකි බවයි.
පොදු ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙන්ම හිංසනයට පත්වන මෙවන් පහළ නිළධාරිනියන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන්ද උපරිමයෙන් මැදිහත්වන්නට බලාපොරොත්තු වන බවයි අප කළ විමසුමක දී එම සමාජ ක්‍රියාකාරීන් කරුණු දක්වමින් කියා සිටියේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

