බේරුවලින් මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙක් අතුරුදන්
මීට මාස දෙකකට පමණ පෙර මසුන් ඇල්ලීම සඳහා බේරුවල ධීවර වරායෙන් පිටත් වූ යාත්රාව ගමන් කළ ධීවරයෙක් අතුරුදන් වී තිබෙනවා.
බහුදින ධීවර යාත්රාවකින් තවත් ධීවරයින් පස් දෙනෙක් සමග මසුන් ඇල්ලීම සදහා ගමන් කර නැවත පැමිණෙමින් සිටින විට එම ධිවරයා මුහුදට වැටී ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.
මෙසේ මුහුදට වැටී අතුරුදන්ව ඇත්තේ තාලාවිට, එප්පාවල ප්රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු බවයි සඳහන් වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

