Latestක්‍රීඩාවිදේශීය

වර්ෂාව නිසා ලෝක කුසලාන අවසන් තරගයේ නීති වෙනස් කෙරේ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන එංගලන්තය සහ පාකිස්තානය අතර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැවින් සංවිධායකයින් විසින් ක්‍රීඩා කිරීමේ රෙගුලාසි වෙනස්කර තිබෙනවා.

තරගය පැවැත්වෙන ඉරිදා දිනයටත් අමතර දිනයක් ලෙස යොදාගෙන තිබෙන සඳුදා දිනයටත් වර්ෂාව ලැබෙන බවට පුරෝකථනය කර තිබෙනවා. එම නිසා දින දෙකේදීම වර්ෂාවෙන් බාධා වුවහොත් තරගය අමතර පැය දෙකක් දක්වා  පවත්වා ගෙන යාමට සංවිධායකයින් ක්‍රීඩා කිරීමේ රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.

තරගය අවම ඕවර 10 බැගින් වූ තරගයක් ලෙස හෝ ක්‍රීඩා කළ නොහැකි වුවහොත් එංගලන්තය සහ පාකිස්තානය සම ජයග්‍රාහකයන් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇති. වර්ෂාව නිසා අමතර දිනයත් අවශ්‍යවේනම් තරගය නැවත ආරම්භ නොකර ඉරිදා නැවැත්වූ තැන සිට පැවැත්වීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *