Latestදේශීය

කාන්තා සහ පිරිමි මළ සිරුරු දෙකක් සොයාගැනේ

මතුගම, පින්නගොඩ, අගලවත්ත පොදු සුසාන භූමිය පිටුපස කුඹුරු යායක තිබියදී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කවුරුන්ද යන වග මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා.

මේ අතර ඇල්ල ප්‍රදේශයේ දී කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

ඇය බණ්ඩාරවෙල,
අඹදණ්ඩේගම පදිංචිකාරිනියක් බවයි වාර්තාවන්නේ.

සැකකටයුතු ලෙස මියගොස් සිටි මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයාගේ මළ සිරුරු පොලිසිය විසිනුයි සොයාගෙන තිබෙන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *