ඩීසල්, භූමිතෙල් මිළ ඉහළට
ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ රුපියල් 340 ක්ව පැවැති ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365 ක් ලෙසත් රුපියල් 415 ක් වූ ලංකා සුදු ඩීසල් ලිටරයක නව මිල රුපියල් 430 ක් වන ලෙසත් ඉහළ දමා ඇති බවයි.
2022 නොවැම්බර් මස 11 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඛනිජ තෙල් සිල්ලර මිල ගණන් ඉහත පරිදි සංශෝධනය වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

