පාගමනක නිරත වූ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 4ක් අත්අඩංගුවට
ගාළුවුවදොර අරගලයේ ක්‍රියාකාරීන් වන නිරෝෂා සහ ප්‍රියන්ති යන කාන්තාවන් දෙදෙනා අද(12) කළුතර සිට කොළඹ දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කර තිබුනේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අනීතිකව රදවාගෙන ඇති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලියේ සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා.
කළුතර සිට පාගමනින් පැමිණෙන ඔවුන්ට කළුතර, වාද්දුව සහ පානදුර පොලීසිවලින් බාධා එල්ල වූ අතර පානදුර ගොරකාපොල ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙහිදී ඔවුන් දිගින් දිගටම පොලීසියෙන් ප්‍රශ්ණ කර සිටියේ කාන්තාවන් දෙදෙනෙකුට මෙලෙස ගමන් කිරීමට අයිතියක් නැති බවට ඇති නීතිය කුමක්ද යන වගයි. නමුත් පොලීසිය ඒ සදහා සාධාරණ හේතු දැක්වීමක් සිදු නොකළ අතර අත්අඩංගුවට ගත් එම කාන්තාවන් දෙදෙනාට අමතරව දාබරේ සහ නිරෝෂන් යන සමාජ ක්‍රියාකාරින් දෙදෙනාද මේ වන විට අත් අඩංගුවට ගෙන පොලිස් භාරයේ පසුවනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

