සූරියවැව ඔරුවක් පෙරළී දැරියන් තිදෙනෙක් අතුරුදන්.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් සූරියවැව ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ ඇත්තේ දානමය කටයුත්තක් සඳහායි.
ඉන් අනතුරුව ඥාතීන් සමගින් ඔවුන් සූරියවැව මහවැලි කඩ ආර වැවේ ඔරු පැදීමට ගොස් තිබෙනවා.
මසුන් අල්ලන කුඩා ඔරුවක අට දෙනෙකු ගමන් කොට ඇති අතර ඔරුව පෙරලීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව පස්දෙනෙකු බේරාගෙන තිබෙනවා.
අනතුරින් දැරියන් තිදෙනෙකු අතුරුදන්ව ඇති අතර එම දැරියන් තිදෙනා වයස අවුරුදු දහයත්, දහ අටත් අතර වයසේ පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පොලිසිය සහ නාවික හමුදාව, ගම්වාසීන්ගේ සහය ඇතිව එම පිරිස සොයමින් මේ වන විටත් මෙහෙයුම් දියත් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

