Latestදේශීය

අද පළාත් කිහිපයකට තද වැසි

අද දිවයිනේ පළාත්කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද තද වැසි ඇතිවිය හැකි බව  එම නිවේදනයේ සඳහන්.

වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ තරමක වැසි ඇති විය හැකි අතර පස්වරුව වනවිට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින වැසි තත්වය සමග  ඇතිවිය හැකි අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *