දුම්රියක ගැටී තරුණයෙක් ජිවිතක්ෂයට
හලාවත සිට කොළඹ කොටුව දක්වා පැමිණෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම තරුණයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පෑ බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.
අනතුර සිදුව ඇත්තේ කඳාන දුම්රියපොළ ආසන්නයේ අනාරක්ෂිත හරස් මාර්ගයකදීයි.
දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් නොමැති වීම බොහෝ අනතුරු සිදුවීමට හේතුව බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

