මහවැලිකඩාආර වැවේ අතුරුදන් වූ අනෙක් දැරියන් ගේ සිරුරු සොයා ගැනේ
ඊයේ දහවල් මසුන් අල්ලන ඔරුවකින් සූරියවැව මහවැලිකඩආර වැව නැරඹීමට ගොස් ඔරුව පෙරලී අතුරුදන් වූ දැරියන් තිදෙනාගෙන් ඊයේ දිනයේ දී එක් දැරියකගේ සිරුරක් සොයා ගත්තා.
අද දිනයේ දී අනෙක් දැරියන්ගේ සිරුරු දෙකද සොයා ගත් බවයි මේ වන විට වාර්තා වන්නේ
ඔරුව පෙරළෙන විට ගමන් ගත් අට දෙනාගෙන් පස් දෙනෙකු බේරාගැනීමට ප්රදේශවාසීන් කටයුතු කර තිබුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ වයස අවුරුදු දාසයක සහ දහඅටක යන වයස්වල සිටි එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක් සහ තවත් දහ හැවිරිදි වියේ පසුවූ දැරියක් බව පොලිසිය වාර්තා කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

