මෙරට ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවේ
ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු යාත්‍රා 02ක් සමග ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නීති විරෝධීව ඉන්දීය මුහුදු කලාපයට ඇතුළුවීම හේතුවෙන්.
අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට ශ්රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාලිංගපට්නම් වෙරළට නාවික සැතපුම් 175 ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ ඔවුන් තම ධීවර කටයුතු සිදුකරමින් සිට ඇත.
මෙම ධීවරයින් පිරිස පිළිබඳව වැඩිදුර විමර්ශන කාකිනද පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Please follow and like us: