Latestදේශීය

2023 අයවැය හෙට පාර්ලිමේන්තුවට

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වර්ෂය වෙනුවෙන් එනම් 2023 වර්ෂය වෙනුවෙන් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙට (14) පස්වරු එකයි තිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කිරීමට තීරණය කර ඇති බවයි.

හෙට දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙනවා.

අයවැය විවාදය පවත්වනු ලබන්නේ ලබන පහළොස් වන දා සිට සිට විසි දෙවනදා දක්වා වූ සතියක කාලය තුළයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *