Latestක්‍රීඩාදේශීයවිදේශීය

2024 යොවුන් ලෝක ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාවේදී

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) 2024 සිට 2027 දක්වා සිය 19 පහල (යොවුන්) ඉසව්වල සත්කාරක රටවල් තෝරාගෙන ඇතිබව නිවේදනය කළා. ඒ අනුව 2024 යොවුන් ලෝක ක්‍රිකට් ශූරතාවයට සත්කාරකත්වය දැරීම ශ්‍රී ලංකාව ට හිමිවී තිබෙනවා.

ICC ය විසින් 2024 සිට 2027 දක්වා යොවුන් ඉසව්වල සත්කාරක රටවල් ලෙස ශ්‍රී ලංකාව, මැලේසියාව සහ තායිලන්තය, සිම්බාබ්වේ සහ නැමීබියාව සහ බංග්ලාදේශය සහ නේපාලය අනුමත කර ඇතිබවයි මීට සුලුවේලවකට ප්‍රථම නිකුත්කල නිවේදනයේ සඳහන් වුනේ.

19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය 2024දී  ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරනු ලබන අතර 2026 දී එය සිම්බාබ්වේ සහ නැමීබියාවේදී පැවැත්වේ. ICC යොවුන් කාන්තා T20 ලෝක කුසලානය 2025 මැලේසියාවේ සහ තායිලන්තයේ පැවැත්වෙන අතර 2027 කාන්තා ඉසව්ව බංග්ලාදේශය සහ නේපාලය එක්ව සත්කාරකත්වය දරනු ඇත. Martin Snedden ගේ සභාපතිත්වයෙන් යුත් මණ්ඩලයක අනුකමිටුවක් විසින් අධීක්ෂණය කරන ලද තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා සත්කාරකයින් තෝරා ගන්නා ලද බවයි  ICC නිවේදනයේ තවදුරටත් සඳහන්වුනේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *