බෙන් ස්ටෝක්ස් එංගලන්තයට ලෝක ශූරතාව හිමිකරදෙයි
පකිස්තානු පන්දු යවන්නන්ගේ ආදිපත්යට එරෙහිව අගනා වටිනා අර්ධ ශතකයක් ලබාගත් බෙන් ස්ටෝක්ස් එංගලන්තයට කඩුලු පහක ජයක් වාර්තා කරමින් විස්සයි විස්ස ක්රිකට් ලෝක ශූරතාවය ජයග්රහණය කිරීමට අවස්ථාව සලසා දුන්නා.
ලකුණු 138ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම සිය ජයග්රාහි ලකුණ සටහන් කලේ පන්දු හයක් ඉතිරිව තිබියදී.
අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට උරදුන් ආරම්භක පිතිකරුවන් දෙදෙනාව අඩු ලකුණු ප්රමාණයකට දවාගත් පකිස්තානු පන්දුයවන්නන් තරගයේ වාසිය තමන්වෙත ලබාගෙන සිටි අවස්ථාවක ස්ටෝක්ස් එංගලන්තය නැවත ජයමාවතට රැගෙන ආවේ නොදැවී ලකුණු 52 රැස්කරමින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

