Latestදේශීය

බිත්තර කර්මාන්තය අර්බුධයක, ප්‍රෝටීන් ඌණතාවයක් අත ළග – සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය

බිත්තර කර්මාන්තය තුළ විශාල අර්බුධයක් මතුවී ඇති බැවින් රටතුළ බරපතල ප්‍රෝටීන් ඌණතාවයක් ඇතිවීමේ අවධානමක් ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. තවද බිත්තර ප්‍රශ්ණයට කඩිනම් විසදුම් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් දින 3ක් ඇතුළත මෙරට සියලුම හෝටල් වැසී යාමේ අවධානමක් ඇති බවද එම සංගමය අවධාරනය කරනවා.

රජය වහා මැදිහත්ව බිත්තර නිෂ්පාදකයින් සමග සාකච්ඡා කර කඩිනමින් බිත්තර ප්‍රශ්ණයට සාර්ථක විසදුමක් ලබා දිය යුතු බවත් නැතිනම් බිත්තර ගැටලුව හේතුවෙන් හෝටල් ක්ෂේත්‍රය ඇතුළු රටේ ආහාර කර්මාන්තය බිදවැටීම කිසිසේත්ම වලක්වා ගැනීමට නොහැකි වන බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *