රජය ජනතාවගේ සියලු සුබසාධන වියදම් කපාහැරලා: පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
මේ වසරේ රාජ්‍ය සේවක වැටුප් ලෙස වෙන් කර තිබුණු රුපියල් බිලියන 420 ක මුදල ලබන වසරේදී රුපියල් බිලියන 380 ක් දක්වා අඩු කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වාදෙනවා.
ජනතාව වෙත ලබාදෙන පෙට්‍රල් , ඩීසල් සහ භූමිතෙල් සඳහා වන සහනාධාර කපාහැර ඇති බව ද විදුලි බිල , ජල බිල්පත ඇතුළු බදු රැසක් ජනතා මත පැටවී ඇති බවද සුබසාධන වියදම් කපා හැර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.
මේ ආකාරයෙන් රට තවදුරටත් ඉදිරියට යා නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ ඉක්මනින්ම ජනවරමක් අවශ්‍ය වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

