Latestවිදේශීය

දෙවන ලෝක යුද්ධයේ ගුවන් යානා දෙකක් ගැටී 6 දෙනෙක් මියයයි.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේදී දෙවැනි ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී විනාශ වී තිබේ.

ගැටුම සිදුවන අවස්ථාවේදී යානා දෙකේ පුදගලයින් 06 දෙනෙකු සිටි බවත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඩලස් ප්‍රාන්ත වෛද්‍ය පරීක්ෂකවරයා තහවුරු කළා.

බෝයිං බී-17 සහ බෙල් පී-63 යානා දෙකක් මෙසේ ගැටී ඇත. ඩලස් ගුවන් පථය ආසන්නයේදී එරට වේලාවෙන් දහවල් 1.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *